නීතිවිරෝධීව ආනයනය කළ කහ කිලෝ 1428 ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට
Sunday, 30 August 2020 - 13:35 | Views - 419
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ කහ කිලෝග්රෑම් 1428 ක් කල්පිටිය - ඉන්පත්තිව් දූපතේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය නාවික කඳවුරේ නිලධාරීන් ඊයේ අලූයම සිදුකළ වැටලීමකදියි.
මෙහිදී කොටියාකුඹුර සහ කල්පිටිය ප්රදේශවල පදිංචිකරුවන් හයදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සුඛෝපභෝගී වෑන් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ සිට මෙරට මුහුදු තීරයට වෙනත් බහුදින යාත්රාවකින් ප්රවාහනය කර ඇති කහ තොගය එම ස්ථානයේ සිට කල්පිටිය - ඉන්පන්තිව් දූපතට බෝට්ටුවක් මගින් ගෙනවිත් ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් කහ තොගය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article