බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 18කට තුවාල
Sunday, 30 August 2020 - 13:29 | Views - 2,362
ගාල්ල දඩල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැනීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ලංගම බස් රථයේ ගැටී ඇතැයි සඳහන්.
අනතුරින් තුවාල ලැබූවන් අතර පෞද්ගලික බස් රථයේ රියදුරා ද වනවා.
ඔහුගේ දෙපාවලට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
අනෙක් තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.
අනතුර පිළිබඳ ගාල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
Share This Article