වූහාන් නගරයේ පාසල් අඟහරුවාදා සිට යළි විවෘත කෙරේ
Saturday, 29 August 2020 - 13:54 | Views - 455
ලබන අඟහරුවාදා සිට චීනයේ වූහාන් නගරයේ පාසල් යළි ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වූහාන් නගරයේ අධ්‍යාපන ආයතන 2842ක් පමණ පවතින බවයි.
ඒ අනුව සිසුන් මිලියන එක හමාරකට ලබන අඟහරුවාදා සිට යළි අධ්‍යයනය කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.
කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ වූහාන් නගරයෙන් මේ වන විට කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිට නගරය තුළ පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට ද පියවර ගනු ලැබුවා.
Share This Article