තඹුත්තේගම නව ගම්මානයේ සැක සහිත මරණයක්
Saturday, 29 August 2020 - 13:37 | Views - 521
තඹුත්තේගම නව ගම්මානයේ පදිංචිව සිට ජීවිතක්ෂයට පත්වූ දෙදරු මවකගේ එම මරණය සැක සහිත බවට ඇගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.

පසුගිය 03 වනදා ඇය වස පානය කළ දිවි හානි කරගෙන ඇති බවට ප්‍රකාශ වුණා.

මේ සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය ඇතුළු අදාළ අංශ දැනුවත් කළ ද ඉන් පළක් නොවු බවයි මිය ගිය කාන්තාවගේ පියා වන වැලිපැන්න මීගම ඉත්තපාන ප්‍රදේශයේ පදිංචි එස්. කරුණාදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, ඇය වස පානය කර මිය ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරිය වෙත ලද පැමිණිල්ලකට අනුව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top