තඹුත්තේගම නව ගම්මානයේ සැක සහිත මරණයක්
Saturday, 29 August 2020 - 13:37 | Views - 522
තඹුත්තේගම නව ගම්මානයේ පදිංචිව සිට ජීවිතක්ෂයට පත්වූ දෙදරු මවකගේ එම මරණය සැක සහිත බවට ඇගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.
පසුගිය 03 වනදා ඇය වස පානය කළ දිවි හානි කරගෙන ඇති බවට ප්‍රකාශ වුණා.
මේ සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය ඇතුළු අදාළ අංශ දැනුවත් කළ ද ඉන් පළක් නොවු බවයි මිය ගිය කාන්තාවගේ පියා වන වැලිපැන්න මීගම ඉත්තපාන ප්‍රදේශයේ පදිංචි එස්. කරුණාදාස හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, ඇය වස පානය කර මිය ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරිය වෙත ලද පැමිණිල්ලකට අනුව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
Share This Article