හිටපු ජනපති මෛත්‍රීට ලැබෙන්න යන තනතුර මොකද්ද ? ඇමති දයාසිරි මාධ්‍යයට කියපු රහස
Friday, 28 August 2020 - 13:40 | Views - 1,190

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ආණ්ඩු පාර්ශවය සමඟ සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ලබන 02 වනදාට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පිළිබඳව එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පවතින අවදානම් තත්ත්වය සැළකිල්ලට ගෙන මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය බෙල්ලන්විල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමානුකූල චාම් වැඩසටහනක් ලෙස පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.
එම සාකච්ඡාවට එක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේදී නුසුදුස්සන්ට අපේක්ෂකත්වය ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් අහිමිවූ බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ගැටළුව සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ කමිටු රැස්වීමක් බත්තරමුල්ල - පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී පක්ෂ නායකත්වයේ දැනට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි එම සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිරි සඳහන් කළේ.
එමෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය, පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය හැරගිය පිරිස් යළි පක්ෂයට එක් කරගැනීමටද එහිදී යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සඳහන් කළේ මහ බැංකු වංචාව එක්සත් ජාතික පක්ෂයේ පරාජයේ අඩිතාලම බවයි.
එක්සත් ජාතික පක්ෂයට යළි නැගී සිටීමට අවශ්‍ය නම් නායකත්වය මේ මොහොතේ වහා වෙනස්විය යුතු බව ඔවුන් අවධාරණය කර සිටිනවා.
දැනට පක්ෂයේ විවිධ තනතුරු බෙදාගැනීමට කුළල් කන කිසිදු පුද්ගලයෙකු නායකත්වයට හෝ කිසිදු වගකිමක් දැරීමට හෝ සුදුසු නොවන බව තම අදහස බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝෂෆ් මයිකල් පෙරේරා, රාජා සමරනායක, උපාලි පියසෝම ඇතුලු පිරිසක් මෙම සංගමය නියෝජනය කරනවා.
Share This Article