දෙබිඩි දරුවන් වෙන් කරන්න, පැය 13ක් තිස්සේ සිදු කළ විශ්මිත සැත්කම ලොවක් පුදුම කරවූ හැටි
Friday, 28 August 2020 - 11:24 | Views - 562
අපූරූ ඡායාරූප පෙළක කතාවක් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.  ඒ ඉණෙන් පහල බද්ධ වූ දියණියන් දෙදෙනෙකුගේ කතාවක් ගැන. මේ දෙබිඩි දරුවන් දෙදෙනා ඉන්නේ  ඉයට්නාමයේ. 2019 වර්ෂයේ ජුනි 7 දා බද්ධ දරුවන් ලෙස තමයි ඉපදුනේ.  ඔවුන් ඉපදුන දා සිට ඔවුන්ගේ නවාතැන වෙලා තියෙන්නේ රෝහල.

වෛද්‍යවරුන් මේ දරුවන් දෙදෙනාට වෙන් වෙන්ව ජිවත් විය හැකි වටපිටාවක් ලබා දෙන්න හැකිද කියලා පසුගිය කාලෙම සොයා බලලා. අවසානයේ වෛද්‍යවරුගේ පරීක්ෂණ අනුව මේ දරුවන් වෙන් කිරීමට හැකියාවක් තිබෙන බවත් ඒ සඳහා සැත්කමක් කරන්නත් අවශ්‍ය බව දෙමාපියන්ට පවසලා තිබෙනවා. ඒ අනුව තමයි මේ දියණියන් දෙදෙනාට වයස අවුරුද්ද සම්පුර්ණ වූ සැණින් මේ මස 15දා සැත්කම සිදු කරන්නේ. මේ සැත්කම සඳහා ගත වූ කාලය පැය 13ක් වෙනවා.

සැත්කම සාර්ථකව අවසන් කර දින දෙකකට පස්සේ මේ දියණියන් දෙදෙනා ඉදගන්න උත්සහ කරලා නමුත් තනිව ඉදගන්න අපහසු වෙලා. කොහොම නමුත් මේ වෙද්දී දෙන්නම ඉතාම නිරෝගී මට්ටමින් ඉන්න බවත් දෙදෙනාටම සාමාන්‍ය ජිවිත ගත කිරීමට තව සති කිහිපයකින් හැකියාව ලැබෙන බවත් එම රෝහලේ වෛද්‍යවරු විදෙස් මාධ්‍ය සඳහා පවසා තිබෙනවා. මේ දියණියන් දෙදෙනාගේ නම් වෙන්නේ Hoang Truc Nhi ,  හා Hoang Dieu Nhi, .


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top