පෙම් හුටපටයට විරුද්ධ වුණාට තාත්තාගේ බත් එකට වස දැමූ පාපතර දියණිය
Friday, 28 August 2020 - 10:38 | Views - 3,456
සිය දියණියගේ ප්‍රේම සබඳතාවට පියා විරුද්ධ වීම හේතුවෙන් පියා සමඟ අමනාපයෙන් සිටි දියණිය තම පියාට විස මිශ්‍ර කරවල බැදුමක් සකස් කර බත් සමඟ කෑමට දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම පිළිබඳව කඹුරුපිටිය පොලිසියට පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් 18 හැවිරිදි දියණිය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කළේය.
 
ඇප තැබීමෙන් පසු 2021 ජනවාරි 12 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාර දියණියට නියෝග කළේය.

මෙසේ ශරීර ඇප තැබීමට නියම වූයේ කඹුරුපිටිල පොලිස් වසමේ ඉහළ විටිය පදිංචි තරුණියකටය.

කඹුරුපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරසේකර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට කරුණු දක්වමින්
 
“තම දියණියගේ ප්‍රේම සම්බන්ධතාවට විරුද්ධ වීම නිසා පියා සමඟ අමනාපයෙන් සිටි 18 හැවිරිදි දියණිය විසින් පියාට වස මිශ්‍ර කරන ලද කරවල බැදුමක් හදා මාළු මිරිස් සමඟ පියාට කෑමට ගෙනවිත්දී තිබෙනවා. දියණිය විසින් ගෙනත් දෙන ලද ආහාර පියා විසින් ආහාරයට ගෙන තිබෙනවා. කරවල ආහාරයට ගත් විට තොල් පුපුරු ගහනවා කියා පියා පවසා තිබෙනවා. එවිට සිය බිරිය කරවල කැබැල්ලක් කටට ගත්විට දියණිය විසින් කියා තිබෙනවා කරවල බැදුමට වස දමා ඇති බව. මේ ගැන පැමිණිල්ලක් ලැබුණා පොලිසියට.”
 
පියා විසින් කරන ලද පැමිණිල්ලට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර කරවල බැදුමට දමන ලද වස කුප්පියත් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගත් බවට පොලිසිය කරුණු දැක්වීය.
 
‍ඌරුබොක්ක - අතාවුද පතිරණ
උපුටා ගැනීම මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top