පාසල් සිසුවියන් දෙදෙනෙකුට නරුම වැඩක් කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
Friday, 28 August 2020 - 9:54 | Views - 331
මොරවක ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර  සිසුවියන් දෙදෙනෙකුට පාසල් කාලය තුළ ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරයෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කොස්නිල්ගොඩ ,මොරවක ප්‍රදේශයේ පදිංචි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉගෙනීම් කටයුතු කරන ගුරුවරයෙකු බව පොලිසිය කියයි.

මෙම සිසුවියන් දෙදෙනාට අවස්ථා දෙකකදී පාසල් කාලය තුළ අදාළ ගුරුවරයා විසින් ලිංගික අතවර සිදුකළ ඇති අතර එය ඉවසාගත නොහැකිව සිසුවියන් දෙදෙනා අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර ඇත.

අනතුරුව දෙමාපියන් විසින් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඊයේ (27) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (31) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top