පාසල් ක්‍රීඩාව සංවර්ධනයට අවධානය
Friday, 28 August 2020 - 9:42 | Views - 318
ජාතික තලය අභිබවා, ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් පාසල් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
පාසල් ක්‍රීඩාව සංවර්ධනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම, ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටළු නිරාකරණයටද මෙහිදී අවශ්‍ය පියවර ගත් බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කායිකව හා මානසිකව සංවර්ධනය වූ නිරෝගී දරු පරපුරක් බිහිකිරීමේදී පාසල් තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.
Share This Article