ශ්රී ලංකන්, තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව
Friday, 28 August 2020 - 9:24 | Views - 2,398
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙල යටතේ ගුවන් ගමන් සීමා කෙරුණද, යළි ගමනාන්ත කිහිපයක් සඳහා අඛන්ඩව ගුවන් ගමන් සිදුකිරීමට ශ්රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉතාලියේ මිලාන්, එක්සත් රාජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ අගනගරය සහ ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්, ප්රංශයේ පැරීසිය සහ ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති.
Share This Article