පුටින්, බෙලරූස් ජනරජයට හමුදා යැවීමට සැරසේ
Friday, 28 August 2020 - 8:33 | Views - 663
ජනතා විරෝධතා මැද අර්බුදයකට මුහුණදී සිටින බෙලරූස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකචෙන්කෝ ට සහය වීම සඳහා හමුදා යැවීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මැතිවරණ ප්‍රතිඵල මුල් කරගෙන පැනනැගී ඇති විරෝධතාවලට සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු අපේක්ෂා පළ කළා.

පසුගිය අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 80 ක ජනප්‍රසාදයක් හිමිවූ බවයි බෙලරූස් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එහෙත් මැතිවරණ ප්‍රතිඵල දූෂිත බවට විපක්ෂය චෝදනා කරන අතර, විපක්ෂ නායිකා ස්වෙට්ලානා ටිකනොව්ස්ක්‍යා අසල්වැසි ලිතුවේනියා රාජ්‍යයට පලාගොස් සිටිනවා.

65 හැවිරිදි ලුකචෙන්කෝ රුසියානු ජනාධිපති පුටින්ගේ හිතවතෙකු ලෙස සැළකෙන අතර, රුසියාව සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට ඔහු කටයුතු කළා.

ජනපති පුටින් ඊයේ ප්‍රකාශ කළේ බෙලරුස් රාජ්‍යය තුළ දැන් මතුවී ඇති තත්වය පාලනය කිරීම සඳහා දෙරට එක්ව ආරක්ෂක සංචිතයක් ඇති කළ යුතු බවයි. අන්තවාදී කොටස් සීමාව ඉක්මවා ගියහොත් එය භාවිත කළ හැකි බව ඔහු අවධාරණය කළා.

කෙසේ නමුත් ස්වෛරී නිදහස් රාජ්‍යයක් වන බෙලරූස් හි අර්බුදයෙන් ඉවත්වී සිටින ලෙස නේටෝ ප්‍රධානියා රුසියාවට අනතුරු ඇඟවීමක් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top