තදබදය අවම කිරීමට කොම්පඤ්ඤවීථියට ගුවන් පාලම් 03ක්
Thursday, 27 August 2020 - 20:24 | Views - 521
කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් 3 ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල දිනපතා දැඩි මාර්ග තදබදයක් පවතින බවයි.
එමෙන්ම, දිනකට 109 වතාවක් එහි දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීම සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව, මාර්ග තදබදය අවම කිරිම සඳහා මීටර් 420ක දිගින් යුත් ගුවන් පාලම් දෙකක්, උත්තරානන්ද මාවත හරහා සහ ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, බාල දක්ෂ මාවත හරහා ද ගුවන් පාලමක් ඉදිවන අතර, එම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 6ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ.
Share This Article