අන්දමන් දූපත් සමූහයේ හුදෙකලා ගෝත්‍රයකට කොරෝනා වෛරසය ඇතුළු වෙයි - 41ක් මරුට
Thursday, 27 August 2020 - 16:52 | Views - 934
ඉන්දියාවට අයත් අන්දමන් දූපත් සමූහයේ වාසය කරන හුදෙකලා ගෝත්‍රයක ජනතාව අතර කොරෝනාවෛරසය පැතිරගොස් ඇතැයි පළමු වරට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
සෞඛ්‍ය නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ග්‍රේටර් අන්දමනීස් නමැති ගෝත්‍රයට අයත් සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර අනෙක් දෙදෙනා සෞඛ්‍ය මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර තිබෙන බවත් සඳහන්.
මෙම හුදෙකලා ගෝත්‍රයට අයත් වන්නේ සාමාජිකයින් 53 දෙනෙකු පමණයි . ඔවුහු අන්දමන් දූපත් සමූහයට අයත් දූපත් 37ක වාසය කරන බවත් පැවසෙනවා.
අන්දමන් සහ නිකොබා දූපත් ආශ්‍රිතව මේ වන විට කොවිඩ්-19 රෝගීන් 2985 දෙනෙකු වාර්තා වී ඇති අතර 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article