මාව සීට් බෙල්ට් අතරේ හිරවුණා. ඇහැකට ලේ බැහැලා ඉදිමුණා- ආනන්ද අතුකෝරාල අනතුරකට ලක් වෙයි
Thursday, 27 August 2020 - 16:41 | Views - 451
ආනන්ද අතුකෝරාල කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින ආනන්දට අකරතැබ්බයක් වෙලා. අකරතැබ්බයක් කියන්නේ අනතුරක්. ඒ රිය අනතුර ගැන ඔහු කියන්නේ මෙහෙමයි

"දැන් ටිකක් හොඳයි. විවේකයෙන් ඉන්න තමයි කියලා වෛද්‍යවරුන් කිව්වේ. හරියටම ගිය විසි එක. අපේ නව පරපුරේ නිළිය සෙව්වන්දි නයනතාරාගේ වෙඩින් එක දවසේ. මම ඒකට සහභාගි වුණා. කොළඹ ගෝල් ෆේස් හොටෙල් එකේ තිබුණේ. දවල් කෑම කාලා මම එළියට බැස්සා. ඩ්‍රින්ක්ස් මුකුත්ම ගත්තෙත් නැහැ. මම එදා ආවේ දුවගේ අලුත්ම ස්පෝර්ට් කාර් එකේ. දුව අලුතින්ම ගත්තු වාහනේ නිසා මමත් පරිස්සමින් තමයි ඩ්‍රයිව් කරන් ආවේ. හැබැයි මගෙ ඇඟට ලොකු තෙහෙට්ටුවක් දැනුණා. එක දිගටම වැඩ කළානේ. ඒත් මම ඒක ගණන් ගත්තෙ නැහැ. බත්තරමුල්ල කොස්වත්ත පාස් වෙද්දි මට පේනවා පිටිපස්සෙන් වාහනවගයක් හෝර්න් කරනවා. මම සයිඩ් කණ්ණාඩියෙන් පිටිපස්ස බලපු තත්පරේට අවධානය බිඳුණා. ඉස්සරහා බලලා ඩ්‍රයිව් කරන්න බලද්දි ඉස්සරහ බස් එකක් නවත්වලා තියෙනවා. ඒකේ තමයි වැදුණේ.

මාව සීට් බෙල්ට් අතරේ හිරවුණා. ඇහැකට ලේ බැහැලා ඉදිමුණා. එවලෙම ප්‍රතිකාර කළා. දැන් ටිකක් යහපත් අතට හැරෙනවා. මට දුක දුවගේ වාහනේට වෙච්ච දේ ගැන. එයා අසාවෙන් ගත්තු වාහනේ. මොනවා කරන්නද. අයේ මට ෂූටිං පළමු වැනිදායින් පස්සේ තියෙන්නේ. එතකම් විවේක ගන්නවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top