කතානායක සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
Thursday, 27 August 2020 - 15:51 | Views - 363
ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ නව කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්රකාශ කළේ.
කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වීමෙන් අනතුරුව පැවති පළමු රාජ්ය තාන්ත්රික හමුව ද මෙයයි.
Share This Article