බියකරු පිළිකා රෝගයට ගොදුරු වූ කුඩා දරුවෙකුගේ හීනය හැබෑ කළ පොලිස් නිලධාරින් පිරිසක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම හය හැවිරිදි දරුවා ජීවත් වන්නේ තවත් මසක පමණ කාලයක් පමණක් බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
පිළිකා රෝගයේ සිව්වැනි අදියරේ පසුවන මිචෙල් රේ නම් මෙම කුඩා දරුවාගේ එකම සිහිනය වුනේ පොලිස් නිලධාරියෙකු වීමයි.
මේ හේතුව නිසාම එන්එස්ඩබ්ලිව් පොලිසිය ඔහුගේ ඒ සිහිනය සැබෑ කර දුන්නේ මනුෂ්‍යත්වයේ මහිමය මුළු ලෝකයටම කියා පාමින්.
ජීවිතයේ අමතකම නොවන "සිහින දිනය" කුඩා දරුවාට තෑගි දුන් ඔවුන්, මේ කුඩා දරුවා සමඟ නාවික වරායේ ද අධිවේගී මුර සංචාරයේ ද එමෙන්ම පොලිස් යතුරුපැදියක ද කාලය ගත කළා.
"ඔහු අද ඔහුගේ ජීවිතේ සැබෑ සුපිරි විරුවන් හමුවුනා. එයින් ඔහු පුදුමයට පත් වුනා. ඇත්තෙන්ම ඔහු ප්‍රීතිමත් කුඩා පිරිමි දරුවෙක්.."
පසුගිය ජනවාරි 17 වැනි දින මිචෙල්ගේ රෝගී තත්ත්වය (උදරයේ විශාල ගෙඩියක් ඇති බව.) දැනගැනීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජීකයින් මහත් කනස්සල්ලට භිතීයට පත්ව තිබුණා.
එයින් දින හතරකට පසු ඔහුගේ පළමු චිකිත්සාව සිදු කළා.
මේ වන විට සිඩ්නිහි රැඳි සිටින මේ පිරිස මිචෙල් වෙනුවෙන් සම්පූර්ණ කාලය කැප කරමින් සිටිනවා.
Dailymail ඇසුරිනි.



