බද්දේගමදී තරුණයෙකුට පහර දුන් කාන්තාවකට ඇතුළු පිරිසට වැඩ වරදී
Thursday, 27 August 2020 - 14:31 | Views - 669
ගාල්ල - බටේපොල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුට පිරිසක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර අප ඒ පිළිබදව හිරු ප්රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා.
පෞද්ගලික සමාගමක ඖෂධ හදුන්වාදීමේ නිළධාරියෙකු ලෙස කටයුතු කල එම තරුණයාට එම වෘත්තියේම නිරත පිරිසක් පහරදි තිබුණේ ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ගෙන්වා ගෙනයි.
එම පහරදීම සිදුකළ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ පසුගිය අඟහරුවාදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.
කෙසේ වෙතත් හිරු අණාවරණයත් සමග පහර දීම සිදුකළ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පොලිසියට භාර වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවර බව බද්දේගම පොලීසිය පැවසුවා.
Share This Article