"ඒ වගේ දෙයක් කළොත් හැමෝම හිතන්නේ ඒ විදිහට, ඒ නිසා තමයි මම කාලයක් නිහඬව හිටියේ.." - වසර හතකට පසුව පියුමි පුරසිංහ කියූ කතාව
Thursday, 27 August 2020 - 13:57 | Views - 380
පියුමි පුරසිංහ කියන නම කියූ ගමන්ම බොහෝ දෙනෙකුට ඒ රුව මතකයට එනවා. කාලයක් සාරාගී නිලියක් හැටියට ජනප්‍රිය වුණු පියුමි පුරසිංහ අවුරුදු හතක් තිස්සේ නිහඬව සිටියා. බොහෝ දෙනෙක් හිතුවේ ඇය සම්පුර්ණයෙන්ම කලාවෙන් ඉවත් වෙලා විදෙස් ගත වෙලා කියලා. මෙපමණ කාලයක් කලාවට සමුදුන්න පියුමි නැවතත් රංගනයට එකතු වෙනවාද කියලා දැනගන්නත් එක්ක අපි පියුමිව සම්බන්ධ කරගත්තා. මේ පියුමිගේ අලුත්ම තොරතුරුයි.

පියුමි කොහොමද තොරතුරු..?
හොඳින් සතුටින් ජිවත් වෙනවා.

අවුරුදු හතක විතර පියුමිව නිර්මාණවලින් දැකගන්න ලැබුණේ නැහැ..බොහෝ දෙනෙක් හිතුවේ ඔබ විදෙස් ගත වෙලා කියලා..?
අවුරුදු 7ක් විතර මම කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී හිටියා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතන්න ඇති මම කලාවට සමුදීලා විදෙස් ගත වෙන්න ඇති කියලා . නමුත් මම හිටියේ ලංකාවේ. මගේ ගෙදරින් මට කිව්වා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න කියලා. ඒ නිසා හැමදෙයකින්ම ඉවත් වෙලා මගේ උපාධිය සම්පුර්ණ කළා. ඒ නිසා තමයි මාව දකින්න ලැබුනේ නැත්තේ.

නැවතත් රංගනයට එකතු වෙන්න අදහසක් තියෙනවද..?
පහුගිය කාලේ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් මම සම්බන්ධ වුණේ නැහැ. කාලයක් නිහඬව ඉදලා එන නිසා හොඳ නිර්මාණයකින් ජනතාව අතරට එන්න ඕන. ඒ නිසා මට ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. මෙගා නාට්‍ය වලට නම් සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. චිත්‍රපටි සඳහා සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ නිහඬව හිටියේ අතිශය ජනප්‍රියම කාලේ..ඒ කාලේ ගැන දුකක් නැද්ද..?
මම ක්ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු 17දී. අවුරුදු අටක් විතර නිර්මාණ වලට සම්බන්ධ වෙලා තමයි නිහඬ වෙන්නේ. ඒ කාලේ ගැන දුකක් නැහැ. මොකද මම කවදත් ප්‍රසිද්ධිය පස්සේ දිව්ව කෙනෙක් නෙමෙයි. සරලව නිදහසේ හිටපු කෙනෙක්. මගේ අරමුණු වෙනස්. මම මගේ අරමුණු වෙනුවෙන් තමයි ඒ කාලය කැප කළේ. ඒ නිසා කණගාටුවක් නැහැ.

දැන් මාකට් වෙන්නේ නිරුවත හෝ අඬ නිරුවත. කලාත්මක නිර්මාණයකට එවැනි ආරාධනාවක් ලැබුණොත් ඔබ එය භාර ගන්නවද..?
ඒ වගේ නිර්මාණ සඳහා බොහෝ දෙනෙක් යන්නේ ප්‍රසිද්ධිය බලාගෙන. මට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් නැහැ. දැන් ඉන්න ළමයි දක්ෂයි. නමුත් ඔවුන් ඒ ගැන තමයි වැඩිපුර හිතන්නේ. මට එහෙම වෙන්න ඕන නැහැ. ඒ වගේ දෙයක් කළොත් හැමෝම හිතන්නේ ඒ විදිහට. මම ගොඩක්ම නිහඬ වෙන්නත් ඒක තමයි හේතුව. පහුගිය කාලේ තිබ්බේ ඒ වගේ රැල්ලක්. නමුත් මම කොහෙත්ම ඒ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ.

නිහඬව හිටපු කාලෙත් පියුමිට රසික ප්‍රතිචාර ලැබුණද..?
ඔව්. ඒ ගැන නම් හරිම සතුටුයි. සමාජ මාධ්‍ය ඔස්සේ මට ප්‍රතිචාර දක්වනවා. මට නැවත නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීම් කළා. මෙච්චර කාලයක් නොදැක්කත් බොහෝ දෙනෙකුට මාව මතකයි. ඒ ගැන ඇත්තටම සතුටුයි.

පියුමි ඉස්සර විලාසිතා නිසා ජනප්‍රියයි. තවමත් රැල්ලට විලාසිතා කරනවද..?
මම උපාධිය සම්පුර්ණ කළෙත් ෆැෂන් සම්බන්ධයෙන්. ඉස්සර වගේම අදටත් මම අලුත් වෙන විලාසිතා කරනවා.

දැන් ව්‍යාපාරිකාවක්ද..?
මම ඇඳුම් ව්‍යාපාරයක් කලා. එය සාර්ථක වුනේ නැහැ. නැවතත් එය පටන් ගන්න මේ දවස්වල සුදානම් වෙනවා. ඵෂන්වලට තියෙන කැමැත්ත නිසාමයි ඒ වගේ ව්‍යාපාරයක් කරන්නෙත්.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ඔබේ වැඩකටයුතුවලට..?
කලාවට සම්බන්ධ වෙනවට අම්මා හැර හැමෝම අකමැතියි. අම්මගේ කැමැත්ත මත තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. අනෙක් වැඩකටයුතුවලදී ගෙදරින් හොඳ සහයෝගයක් මට ලැබෙනවා.

දැන් විවාහකද..?
තවම මම අවිවාහකයි.

ඒ ගැන හිතන්නේ නැද්ද..?
දැනට මම ඒ ගැන හිතන්නේ නැහැ. මගේ අරමුණ ටිකක් වෙනස්. ඒ දේවල් සම්පුර්ණ කරගන්න ඕන මුලින්ම.

හර්ෂණී වීරරත්න


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top