ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුවක්
Thursday, 27 August 2020 - 13:42 | Views - 631
නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට සාධාරණයක් වන ලෙස රටේ නිෂ්පාදනය සහ වෙළඳපොල තත්ත්වය නියාමනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජීවන වියදම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් හමුවේදී මෙම තීරණය ගත් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

සරල බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම සඳහා පනත් 4ක් සංශෝධනය කිරීම සඳහා මෙන්ම දේශීය ආදායම් සහ එකතු කළ අගය මත බදු පනත් සංශෝධනය කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මාධ්‍ය  හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ දිවයින පුරා පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බවයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ මෙතනින්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top