කොන්ක්‍රීට් ළිං වළල්ලක් කඩා වැටී අකාලයේ මිලින වූ පුංචි දැරිය
Thursday, 27 August 2020 - 11:48 | Views - 711
කොන්ක්‍රීට් ළිං වළල්ලක් කඩා වැටීමෙන් වයස අවුරුදු හතක දැරියක් මියගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ මැදගම්පිටිය ප්‍රදේශයේ නිවසක පදිංචි යටගම කනිෂ්ඨ විද්‍යාලයේ 2 වසරේ ඉගෙනුම ලබන නෙතුමි දෙව්සරණි නැමති දැරියක්.
ඊයේ (26) පස්වරු 4.00 ට පමණ මෙම දැරිය තම වැඩිමහල් සොහොයුරා සහ තවත් අසල්වාසී නිවසක දරුවකු සමග එම ප්‍රදේශයේම ඉදිකරමින් පවතින නව නිවසක් අසල තිබූ කොන්ක්‍රීට් වලින් සාදන ලද ළිං වලල්ලක සෙල්ලම් කර තිබෙනවා.
එහිදී එම ළිං වළල්ල ක්ෂණිකව දැරිවියගේ ඇඟට කඩා වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) රාත්‍රී 11ට පමණ එම දැරිය මියගොස් ඇති බවයි වේයන්ගොඩ පොලීසිය කියාසිටියේ.
මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article