හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පවුලක්ම පොලිස් අත්අඩංගුවට
Thursday, 27 August 2020 - 11:43 | Views - 684

මහියංගණය ප්‍රදේශයේ කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පවුලක් ඊයේ(26) මහියංගණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගණය නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ දොඩම්වත්ත,ගෙවල් විස්ස ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණියක්.
ඒ මහියංගණ හා රිදී මාලියද්ද පොලිස්ථානවල පොලිස් නිළධාරින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත එම පවුලේ සාමාජිකයන්ගේ නිවාස කිහිපයක් හදිස්සි වැටලීමකින් අනතුරුවයි.
එහි තිබී හෙරොයින් ග්‍රෑම් 11මිලිග්‍රෑම් 720ක් සහ මත්ද්‍රව්‍ය මිළදී ගැණිමට පැමිණි පුද්ගලයන් විසින් මුදල් වෙනුවට ඇපයට තැබූ ජංගම දුරකථන14ක් ද ජාතික හැදුනුම්පත් 09 ක් හා රියදුරු බලපත්‍ර 03ක් ඇතුළුව එක්ලක්ෂ අසු නවදහස් පන්සියයක් පමණ මුදලක් සොයාගෙන තිබෙනවා.
එම පවුලේ බෑණාවරු දෙදෙනෙකුද මේවන විට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට අත්අඩංගුවට පත්ව බන්ධනාගාරව සිටින බවයි මහියංගණ පොලීසිය ප්‍රකාශ කළේ .
මීට පෙර අවස්ථා රැසකඳී පොලීසිය විසින් මෙම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළත් ඒ සෑම අවස්ථාවකදීම පොලිසියට විරුද්ධව අසත්‍ය චෝදනා නගමින් මානව හිමිකම් නඩුපැවරීමට ඔවුන් කටයුතු කල බවයි මහියංගනය පොලිසිය පෙන්වා දෙන්නේ.
අත්අඩංගුවට ගත් එම පවුලේ සාමජිකයින් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Share This Article