පෙමට පිටුපෑ ගුරුවරියට පාසලේ සිසුන් ඉදිරියේදී ගුරුවරයාගෙන් ලැබුණ ගුටි පූජාව
Thursday, 27 August 2020 - 10:51 | Views - 965
අයගම ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පංති සඳහා උගන්වන ගුරුවරයකු එම පාසලේම ගුරුවරියකට ගෙන ආ ප්‍රේම සම්බන්ධතා යෝජනාවට ඇය අකැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ ඇයගේ මුහුණට පහරදීමේ සිදධියක් පිළිබඳ අයගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඉකුත් සිකුරාදා පහර කෑමට ලක් වූ ගුරුවරිය විසින් ම එම පැමිණිල්ල පොලිසියට කර තිබේ.
 
මෙම ගුරුවරිය ද උසස් පෙළ පංති සඳහා උගන්වන්නියකි. මේ වන විට මොවුන් දෙදෙනාම පාසලට නොපැමිණීම හේතුවෙන් උසස් පෙළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඩාල වී ඇතැයි එම දරුවන්ගේ දෙමාපියෝ පවසති.

තමන් එදින දහවල් විෂය සමගාමී කරුණු දරුවන්ට උගන්වමින් සිටින විට අදාළ ගුරුවරයා පැමිණ පංති කාමරයෙන් එළියට එන්න කියා කතා කර ප්‍රේම සම්බන්ධතා යෝජනාව ගැන විමසූ විට එයට අකැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ කම්මුලට පහර දුන් බවත් එවිට තමාගේ මුඛයෙන් ලේ වහනය වූ බවත් ගුරුවරියගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. තව ද ඒ අවස්ථාවේ තම ලක්ෂ එකහමාරක් වටිනා ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කඩා දැමීම ද අදාළ ගුරුවරයා විසින් සිදුකරන ලද බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.
 
මේ පිළිබඳ අයගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
 
කිරිඇල්ල - ඩී.කේ. කුමාර
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top