මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ තාවකාලිකව තනතුරෙන් ඉවත් කෙරේ
Thursday, 27 August 2020 - 10:12 | Views - 1,016
වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ හට එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ කටයුතු කර තිබෙනවා.
සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277/1 වගන්තියේ සදහන් වැරදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිදුකර ඇත්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වීරවර්ධන පත් කර තිබෙනවා.
මීට අමතරව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.
Share This Article