රාජකාරියේදී මිය ගිය තම සඟයාගේ පුංචි පුතු වෙනුවෙන් පොලිස් නිලධාරින් පිරිසක් කළ නොසිතූ දේ
රොබර්ටෝ මෙඩිනා-මරියානි කියන නිර්භීත පොලිස් විරුවාට ජීවිතය අහිමි වෙන්නේ බොහෝම අහම්බෙන්..
ඒ අවාසනාවන්ත සිදුවීම් වෙන්නේ හරියටම 2017 සැප්තැම්බර් මාසේ 17 වැනි දිනයි.
අවන්හලක් කොල්ල කෑ කොල්ල කණ්ඩායමක් ඇල්ලීමට යාමේදී මෙම පොලිස් නිලධාරියා මෙසේ මරු වැළඳගෙන තිබුණා.
මේ ඝාතනයට වසර තුනක් ගත වෙද්දි පොලිස් නිලධාරියාගේ පුංචි පුතු සමඟ ඔහුගේ පියාගේ සමීප සඟයින් පිරිසක් පාසලට පැමිණ තිබුණා.
ඒ එම දරුවාගේ පළමු පාසල් දිනයයි.
මෙම හද උණුසුම් කරන සංවේදී වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතිනවා.
උදෑසනම නිලධාරින් සමඟ ගොඩනැගිල්ලට ඇතුළු වූ මෙම දරුවාට සියලු දෙනාම අත්පොළසන් දෙමින් සුභාශිංසන පිරිනමනු ලැබුවා.
මෙම වීඩියෝව දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට එක් කර ඇති අතර, එය තම සඟයාට ගරු කිරීමක් ලෙස කළ බව එම නිලධාරින් සඳහන් කළා.
Dailymail ඇසුරිනි.

