රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ඒ අනුව එම තිළිණපත්වල කාලය 2020-09-30 දින දක්වා දීර්ඝ කළ බවයි.
මෙම තිළිණපත්වල වලංගු කාලය මේ මස 31වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම පිණිස මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.