පොලිස් අණනොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි
Thursday, 27 August 2020 - 8:52 | Views - 891
පොලිස් මාර්ග බාධකයේදී අණනොතකා ධාවනය කළ වෑන් රථයකට දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.
ඊයේ (26) අළුයම දිවුලපිටිය දුනගහ හංදියේ පිහිටි මාර්ග බාධකයෙදී අදාළ වෑන් රථය මෙලෙස අණනොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් වෑන් රථය ලුහුබැඳ ගියද එය නවතා ගැනීමට නොහැකි වී තිබෙනවා.
පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත අවිස්සාවේල්ලේ පදිංචි පුද්ගලයෙක් ඉළ ඇට ප්රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇතුලත්ව ප්රතිකාර ලබා ගනිමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.
Share This Article