නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Thursday, 27 August 2020 - 8:20 | Views - 493
2019 වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ලකර බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ගත් 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් හට කිසිඳු සමාවක් හිමි නොවන අයුරින් අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා.

නඩු විභාගය පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච් මහාධිකරණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණ අයුරුද දක්නට ලැබුණා.

ඔබ සාහසික ලෙස මිනිසුන් ඝාතනය කර තිබෙනවා. ඔබට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී සිර මැදිරි තුළ මියයන තුරු රඳවා තිබුණද එය මෙම සිදුවීමට ප්‍රමාණවත් මදි. ඔබ පියතුරුලේ සිටි වයස අවුරුදු 3ක දරුවෙකුටත් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ඔබ චෝදනා 51කට වැරදිකරුවෙක්. ඒ වගේම ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර තිබෙනවා. මම නියෝග කරනවා මෙම ඝතකයා මියයන තෙක් සිරගත කිරීමට.යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නවසීලන්ත අධිකරණ පද්ධතිය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැහැ. අපරාධකරුවෙකු බවට පත්වන පුද්ගලයෙකුට එරට තුළ දියහැකි උපරිම දඬුවම වන්නේ දිවි ඇති තෙක් සිරගත කිරීමයි.

නවසීලන්ත ඉතිහාසයේ මෙවැනි දඬුවමක් පැනවූ පළමු අවස්ථාවද මෙය වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top