නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Thursday, 27 August 2020 - 8:20 | Views - 494

2019 වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ලකර බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ගත් 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් හට කිසිඳු සමාවක් හිමි නොවන අයුරින් අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා.
නඩු විභාගය පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච් මහාධිකරණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණ අයුරුද දක්නට ලැබුණා.
ඔබ සාහසික ලෙස මිනිසුන් ඝාතනය කර තිබෙනවා. ඔබට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී සිර මැදිරි තුළ මියයන තුරු රඳවා තිබුණද එය මෙම සිදුවීමට ප්‍රමාණවත් මදි. ඔබ පියතුරුලේ සිටි වයස අවුරුදු 3ක දරුවෙකුටත් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ඔබ චෝදනා 51කට වැරදිකරුවෙක්. ඒ වගේම ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර තිබෙනවා. මම නියෝග කරනවා මෙම ඝතකයා මියයන තෙක් සිරගත කිරීමට.යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
නවසීලන්ත අධිකරණ පද්ධතිය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැහැ. අපරාධකරුවෙකු බවට පත්වන පුද්ගලයෙකුට එරට තුළ දියහැකි උපරිම දඬුවම වන්නේ දිවි ඇති තෙක් සිරගත කිරීමයි.
නවසීලන්ත ඉතිහාසයේ මෙවැනි දඬුවමක් පැනවූ පළමු අවස්ථාවද මෙය වනවා.
Share This Article