කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ හොරණ පොලීසියේ නිලධාරියෙකු අත්අඩංගුවට
Wednesday, 26 August 2020 - 16:03 | Views - 618
හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හොරණ - ගෝනපොල ප්‍රදේශයේ කාන්තාවක විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඉංගිරිය - නම්බපාන ප්රදේශයේදීයි.
පැමිණිලිකාරියගේ පුත්‍රයා විසින් හොරණ පොලීසිය වෙත අස්ථානගත වූ යතුරුපැදියක් සම්බන්ධව සිදුකළ පැමිණිල්ලේ පිටපතක් වෙනුවට ලදු පතක් ඇයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරියා මෙම ලිංගික අල්ලස ඉල්ලා තිබෙනවා.
Share This Article