යාපනය, පළාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු අවධාරණය කළේ ඉදිරි සති දෙක තුල මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ඇමති ප්‍රසන්න රණතුංග අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කළේ මෙම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවයි.
කැබිනට් අනුමැතිය ලද වහාම දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර පලාලි ගුවන්තොටුපල සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.
යාපනය පලාලි ගුවන්තොටුපල දෙවන ලෝක යුද සමයේදි ආරම්භ කෙරුණා.
පලාලි ගුවන් තොටුපලෙ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකගතාවය පළ කර ඇති අතර ඒ සඳහායි මෙම අවබෝධතා ගිවිසුම සැකසෙන්නේ.

