පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට ඉන්දියාවෙන් මිලියන 300ක්
Wednesday, 26 August 2020 - 14:26 | Views - 449
යාපනය, පළාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු අවධාරණය කළේ ඉදිරි සති දෙක තුල මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ඇමති ප්‍රසන්න රණතුංග අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කළේ මෙම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවයි.

කැබිනට් අනුමැතිය ලද වහාම දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර පලාලි ගුවන්තොටුපල සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

යාපනය පලාලි ගුවන්තොටුපල දෙවන ලෝක යුද සමයේදි ආරම්භ කෙරුණා.

පලාලි ගුවන් තොටුපලෙ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකගතාවය පළ කර ඇති අතර ඒ සඳහායි මෙම අවබෝධතා ගිවිසුම සැකසෙන්නේ.

Image may contain: 1 person, sitting and indoor
Image may contain: 3 people, people sitting, table, living room and indoor
Image may contain: one or more people
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top