කොළඹ ඉඩම් මිලේ සිදුවූ වෙනස
Wednesday, 26 August 2020 - 13:55 | Views - 1,496
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයට අනුව පළමු භාගයේ ඉඩම්වල වටිනාකම සියයට 7.1කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව ඉඩම් තක්සේරු දර්ශකයේ මේ වසරේ පළමු භාගයේදී අගය සටහන් වන්නේ 141.6ක් ලෙසයි.

එමෙන්ම අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනය සියයට 2ක් ලෙස දැක්වෙනවා.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වානිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහල යාම හේතු වනවා.

වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 7.2ක අගය කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකයේ වාර්තා වන අතර නේවාසික සහ වානිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයේ වර්ධනය දැක්වෙන්නේ සියයට 7.1ක් ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top