පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි
Wednesday, 26 August 2020 - 13:23 | Views - 383
නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව මෙම තීරණය ගත් බවයි.
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කරන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දෙන බව ද එහි සඳහන්.
Share This Article