මෙරට සුදු අලියෙකු සිටින බවට දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා.
මෙම සුදු අලියා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු පුවත් තොරතුරු සොයා බැලුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ වනෝද්‍යානය තුළ සුදු අලියෙකු සිටින බව මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

