පුද්ගලයින් 7058ක් තවදුරටත් නිරෝධායනයේ
Wednesday, 26 August 2020 - 11:45 | Views - 543
නිරෝධායනය අවසන් කළ 32,816ක් මේ වන විට නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 65ක් තුළ 7058 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඊයේ දිනයේදී ද පී.සී.ආර්. පරීක්ෂණ 1580ක් සිදුකර තිබෙනවා.
Share This Article