තාවකාලිකව නතර වූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි
Wednesday, 26 August 2020 - 11:20 | Views - 384
තාවකාලිකව නතරකර තිබූ දුම්රිය කිහිපයක් සති අන්තයේ නැවත ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අංක 4021 සහ 4022 දරණ දුම්රියන් සෙනසුරාදා සහ ඉරිදා දිනවලද අංක 1001 දුම්රිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද අංක 1002 දරන දුම්රිය ඉරිදා දිනවලද යළි ධාවනයට එක්වනු ඇති.

ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව හරහා කන්කසන්තුරේ දක්වා පෙරවරු 05.10ට දිනපතා ධාවනය වූ දුම්රිය සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව හරහා ගල්කිස්ස බලා පස්වරු 01.05ට දිනපතා ධාවනය වූ අංක 4022 දරණ දුම්රිය මෙම මස 29/30/3 සහ ලබන මස පළමුවනදා එම වේලාවන් වලදී ම ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 06.45ට ධාවනය වූ අංක 1001 දරණ දුම්රිය මෙම මස 28/30/31යන දිනවලද බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 08.00ට දිනපතා ධාවනය වූ අංක 1002 දරන දුම්රිය මෙම මස 29/31 සහ ලබන මස පළමුවනදා එම වේලාවන්ටම ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top