1000 පසුකළ ලහිරුට ක්‍රීඩාගාරයේදී ලැබුණු ත්‍යාගය
Wednesday, 26 August 2020 - 10:46 | Views - 497
ක්‍රිකට් පිටියට අලුත්ම ආරම්භයක් ලබාදෙමින් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2019-20 තරග වාරය යටතේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය ලහිරු උදාර පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තරඟාවලියේ ඊයේ තරඟයට එක්වන විට ඔහු එතෙක් 2019-20 තරඟ වාරය යටතේ රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 973 ක්.

ඒ අනුව ඉනිමේ 27 වැනි ලකුණු සම්පූර්ණ කිරීමත් සමඟ මෙලෙස ඔහු ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත් වූවා.

ළහිරු මේ වන විට තරඟ 9 කට සහභාගිවී මුලු ලකුණු 1039 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 86.58 ක් රඳවා තබා ගනිමින්.

බී. ආර්. සී, පිලට එරෙහිව පැවැති එම තරඟයේදී රාගම ක්‍රීඩා සමාජයේ ළහිරු තිරිමාන්න ලකුණු 140ක් රැස්කළ අතර සහ ලහිරු උදාර නොදැවී ලකුණු 154 ක් රැස්කලා.

ඒ අනුව දෙවන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 305ක්.

ළහිරුගේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීම ලෙස සටහන් වන්නේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව මූලික තරග වටයේදී නොදැවී රැස් කළ ලකුණු 290යි.

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස සිටින දකුණත් පිතිකරුවකු වන ළහිරු මෙවර තරග වාරයේ අර්ධ ශතක 5 ක් රැස් කර ගැනීමට සමත්ව තිබීමත් විශේෂත්වයක්.

මේ අතර තරඟයෙන් අනතුරුව ක්‍රීඩාගාරයේදී ඔහුගේ මෙම අපූරු ජයග්‍රහණය සමරුවේ මෙලෙසින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top