වැල්ලවත්තේ දී කාන්තාවක් ළිඳකට වැටී ජීවිතක්ෂයට
Wednesday, 26 August 2020 - 10:27 | Views - 399
වැල්ලවත්ත - අළුවලවත්ත ප්රදේශයේ දී ළිඳකට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කාන්තාවක් ළිඳකට වැටී සිටින බවට ප්රදේශවාසියෙකුගෙන් ඊයේ දුරකථන ඇමතුමක් ලැබී තිබූ බවයි.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාව ළිඳට වැටී මිය ගොස් ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 81 හැවිරිදි කාන්තාවක්.
Share This Article