පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපතිගේ නිල නිවසට
Wednesday, 26 August 2020 - 10:24 | Views - 444
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරී කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ නිල නිවසට ගොස් තිබෙනවා. ඒ, අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමටයි.
මේ පිළිබදව ප්රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට පැමිණෙන ලෙස කොමිසම පසුගිය දා දැනුම් දුන් නමුත් හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කර තිබුණේ සිය නිවසට පැමිණ අදාල ප්රකාශ සටහන් කර ගන්නා ලෙසයි.
ඒ අනුව, අද කොමිසමේ පොලිස් නිලධාරින් තුන්දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසට පැමිණි බවයි එහි සිටින අප වාර්තකරු ප්රකාශ කළේ.
Share This Article