හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්
Wednesday, 26 August 2020 - 9:00 | Views - 5,370
ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලූ රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ එම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබුණා.

එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මේ වනවිට මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වනවා.

ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදාගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි ඔහු එම සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ.

කම්කරු අණපත්වල තිබූ දුර්වලතා ඉවත් කරමින් කම්කරු අණපනත් රැසකට සංශෝධන ගෙන ඒමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top