මව, ආච්චි හා සීයා බිය ගන්වා 09 හැවිරිදි දැරියට අතවර කළ බාප්පා අත්අඩංගුවට
Wednesday, 26 August 2020 - 8:55 | Views - 827
නව හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ එම දැරියගේ මවගේ දෙවැනි කසාදයේ සැමියා ඊයේ (25) දහවල් අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි.
 
 සැකකරු 31 හැවිරිදි වියේ පසුවන එදිනෙදා කුලී වැඩ කරන අයෙකි. මොහු මීට පෙර විවාහ වී සිටි අයකු වන බව ද පොලිසිය පවසයි.
 
 මෙකී සැකකරු විසින් මෙම දැරිය 2019 වර්ෂයේ සිට දිනකට එක් වතාවක් හෝ බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු විසින් දැරියගේ මව, ආච්චි හා සීයා බිය ගන්වා තර්ජනය කර මෙකී බාලවස්කාර දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 මෙකී දැරියගේ මව 2019 වර්ෂයේ දී දරු ප‍්‍රසූතිය සඳහා රෝහල්ගත වී ඇත. එම කාලයේ දී මෙකී දැරිය සැකකරු විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමට පටන්ගෙන ඇති බව පොලිසිය පවසයි. දැරියගේ මවට දෙවැනි කසාදයේ සැමියා වන සැකකරුගෙන් වයස අවුරුදු එකහමාරක දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

ඇතැම් අවස්ථාවලදී සැකකරු විසින් මෙකී දැරිය අපයෝජනයට ලක්කරන අයුරු දැරියගේ මව හා සීයා, ආච්චි දැක ඇත. එම අවස්ථාවලදී සැකකරු ගෙලට පිහියක් තබා මොවුන්ට තර්ජනය කර පොලිසියට කිවහොත් මරා දමන බවට තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු විසින් නිවැසියන් සිරකොට ගෙන සිට ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු දැරියගේ මවට හා ආච්චිට පහර දීමෙන් ඇති වූ තුවාල කැළැල් ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති බව ද පොලිසිය පවසයි.
 
 බාලවයස්කාර දැරිය, ඇයගේ ආච්චි හා සීයා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබුණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top