පිළියන්දල දී හෙරොයින් සමඟින් අඹු-සැමි යුවළක් අත්අඩංගුවට
Wednesday, 26 August 2020 - 8:11 | Views - 402
පිළියන්දල - සුවාරපොළ - පිං ළිඳ පාර ප්රදේශයේදී හෙරොයින් සමඟින් අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අලෙවි කිරීම සඳහා හෙරොයින් ඇසුරුම් කරමින් සිට ඇති අතර, එලෙස ඇසුරුම් කරන ලද හෙරොයින් ග්රෑම් 75ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
දීර්ඝ කාලයක සිට ඔවුන් මෙම හෙරොයින් ජාවාරමේ නිරතව සිටියේ ද යන්න පිළිබදව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, දඹුල්ල ප්රදේශයේදී ද හෙරොයින් සමඟින් 25 හැවිරිදි කාන්තාවක් සහ තවත් අයෙකු ඊයේ ත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article