විදුලිය බිඳ වැටීම ගැන වාර්තාව අද කැබිනට්ටුවට
Wednesday, 26 August 2020 - 8:08 | Views - 419
සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් පසුගිය දා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගියදා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එය අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ අතර, නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව සකස් කළ අදාළ වාර්තාව පෙරේදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.
විදුලිය බිඳ වැටීම පිළිබදව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේගේ ප්‍රධානත්වයෙන්.
Share This Article