නාවලපිටියේ පැහැර ගැනීම ගැන පරීක්ෂණ ඇරඹේ
Wednesday, 26 August 2020 - 8:03 | Views - 703
නාවලපිටිය නගර සභාවේ සේවකයින් 4 දෙනෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 23 වන දා රාත්‍රියේ මොවුන් කිසියම් පිරිසක් විසින් පැමිණ පැහැරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරුව ඔවුන්ට පහර දී නාවලපිටිය - කුරුඳුවත්ත මාර්ගයේ හෙළකට තල්ලු කර තිබෙනවා.
නාවලපිටිය නගර සභාවේ රථ වාහන රියදුරෙකු, සහයකවරයෙකු සහ මුරකරුවන් දෙදෙනෙකුටයි මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ.
තුවාල ලැබූ මොවුන් නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Share This Article