නරුම සැමියාගෙන් වෙඩි පහර කෑ යෞවනිය, ශකිලා සරීන්ට අත්වුනු ඛේදජනක ඉරණම
Tuesday, 25 August 2020 - 16:45 | Views - 458
මේ ලෝකේ මහ පුදුම එකක්. සමහරක් වෙලාවට ඔබ නොපතන දේ, හදවතින් අදහන දේ ඒ ආකාරයෙන්ම සිද්ධ නොවෙන්න පුළුවන්.
 
ජීවිතේ එහෙමයි... අපිට සිද්ධ වෙනවා අපේ දෛවයට හිස නමන්න. මොන දේ වුනත්... මරණය අපිව තදින් වැළඳගන්නකන් තදියෙන් හුස්ම ගන්න.
 
ඇය ශකිලා.. ශකිලා සාරීන්.....

කළු හිසකෙස් ඇති සුරූපී තරුණිය. (ඇයි ඈට සුරූපී කියන එක වරදක්ද?)
 
ඇය දීප්තිමත් කහ ඇඳුමක්, දිග කරාබු, ගැළපෙනම විදිහේ මාලයක්, මුද්දක් පැළඳ සිටිනවා.
 
ඇය කැමරාව දෙස බලන්නේ බැරැරූම් ආත්මීය බැල්මකින්. (සමාවෙන්න ඇය මේ ඉන්නේ රූපවාහිනියට මුහුණ පෙන්වන්න බලාගෙන.)
 
2012 වර්ෂයේදීයි ඇයට මේ ඛේදජනක ඉරණම අත්වන්නේ. ඇගේ මේ වෙනස්ම විදිහේ මුහුණ ඈට උරුම වන්නේ. ඇගෙම සැමියාගේ වෙඩි පහරකින්...
 
කැනඩාවේ උපත ලැබූ මේ යෞවනියගේ විවාහය සිද්ධ වෙන්නේ ඇයට වයස අවුරුදු 17ක් පිරෙද්දී.. අපයෝජනයකින් ආරම්භ වූ ඇගේ ඒ කෲර විවාහය මාස ගණනක් පැවතුණා.
 
"එතැන් සිට ඔහු මට පහර දී මාව දූෂණය කරන්න පටන් ගත්තා.." ශකිලා කියනවා. ඇය මේ කතාව කියන්නේ බීබීසීයට. (ඈට ඉංග්‍රීසි බැහැ. ඉතින් පරිවර්තකයෙක් ඈට සහය වුනා.)
 
අවසානයේ ඇය පොලිසියට ගියා. තමන්ගේ සැමියා හා මස්සිනා තලේබාන් කියන ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් තියෙන බව ඇය පොලිසියට කිව්වා.
 
"පොලිසිය මට කිව්වා, ඔහු ඔයාගේ ස්වාමි පුරුෂයා. ඔහු ඇත්තටම ඔයාට කිසිම භයානක දෙයක් කරලා නැහැ. ඔහු ඔයාගේ කණ කපලා නෑ. ඔහු ඔයාගේ කට කපලා නෑ. ඔහු ඔයාගේ නාසය කපලා නෑ.."
 
ශකිලා සාරීන් පොලිසියෙන් පිටවෙන්නේ බලාපොරොත්තු රහිතව. අන්තිමේදී ඇය ඇගේ මවගේ නිවසට යන්න තීරණය කරනවා.
 
ඉන් පැය කිහිපයකට පස්සේ ඇය සැමියාගේ වෙඩි ප්‍රහාරයකට ලක් වනවා.
 
"මට පහර දුන් උණ්ඩය මගේ මුහුණෙන් අඩක් ගලවා ගත්තා.."
 
ඇගේ සැමියා මේ සම්බන්ධයෙන් විස්තර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව 2017 පුවත්පත් වාර්තාවක දැක්වෙනවා. කෙසේ වෙතත් ඔහු මාස 10ක සිරදඬුවම් ලබා නිදොස් වූ බව සඳහන්.
 
ඉන්පසු ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් ඇය ඇගේ මව හා බාල සොහොයුරිය සමඟ දිල්ලියට පියාසර කරනවා. එහිදී ඇය වසර තුනක් පුරාවට සැත්කම් ගණනාවක් සිදු කළා. මේ තුන්දෙනා දැන් ජීවත් වෙන්නේ වැන්කුවර් ප්‍රදේශයේ..
 
යමෙකුගේ සමච්චලයට ලක් වනවාට බියෙන් ඇය ඇගේ මුහුණ ආවරණය වන්නට වෙළුම් පටියක් යොදා තිබුනා.
 
නමුත් කැනඩාවේදී ඇය එසේ කළේ නැහැ.
 
"කැනඩාවේ කිසිම කෙනෙක් මට විහිළු කරන්නේ නැහැ.."
 
"මම එය (මුහුණූ ආවරණ) ඉවත් කර ආඩම්බරයෙන් ඇවිද යනවා..."
 
By Lakshan
(CBC පුවත් ඇසුරිනි.)
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top