ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 3,167,000ක්
Tuesday, 25 August 2020 - 15:40 | Views - 530
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 60,975 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 3,167,000 ඉක්මවනවා.

එමෙන්ම, ඊයේ වාර්තා වූ මරණ 848 ක් සමගින් එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ද 58,390 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනය තුළ වාර්තාගත ලෙස ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 66,550 දෙනෙකු සුවය ලබා ඇති අතර, එරට සුවය ලැබීමේ අනුපාතය සියයට 76 කට ආසන්න බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය අගෝස්තු 4 වනදා සිට ලොව වැඩිම දෛනික නව කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ඉන්දියාවෙන්.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ඉන්දියාවයි.

මහාරාෂ්ට්‍ර, ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කර්නාටක සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top