මෙරට කොරෝනා මර්දනය යහපත් තත්ත්වයක
Tuesday, 25 August 2020 - 13:38 | Views - 533
සමාජය තුල කොරෝනා අසාදිතයින් වාර්තා නොවීමත් සමග පනවා ඇති සීමා යම් මට්ටමකට ලිහිල් කිරීමේ හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
කෙසේ වෙතත්, තවදුරටත් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පවත්වා ගෙන යායුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ අතර නව ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ (24) දිනයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දක්වා ඉහළ ගියා.
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 296 දෙනෙකු අද අලුයම යළි දිවයිනට පැමිණියා.
Share This Article