මුහුණු පොතම සංවේදී කරමින්, අලව්ව මාරක අනතුරින් දිවි අහිමි වූ 22 හැවිරිදි තාරකගේ මව, හැඬූ කඳුළින් කියූ කතාව
Tuesday, 25 August 2020 - 12:20 | Views - 472
ඉකුත් 22 වැනිදා අලව්ව, වළකුඹුර ප්‍රදේශයේදී සිදුවූ ටිපර් - කාර් රිය අනතුරින් මරණයට පත් පුද්ගලයන් 5 දෙනකු අතරින් මියගිය ළාබාලම තැනැත්තා වන කොට්ටුකච්චිය වැලිලන්කුලම පදිංචි 22 හැවිරිදි ඩබ්ලිව්. තාරුක අදීෂ පෙරේරාගේ නිවෙසට අප යන විටත් ඔහුගේ මව රූපිකා මේරියන් දිස්න කාන්ති එසේ පැවැසුවාය.

තාරුක අදීෂ පෙරේරාට බාල එක සොහොයුරෙක් සිටින අතර කුඩා කල පටන් කොට්ටුකච්චිය නවෝද්‍යා මහා විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත. ඔහු 11 වසර පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියදී පියා රිය අනතුරකින් මිය ගොස් ඇත.
 
එතැන් පටන් ආර්ථික අපහසුතා තිබුණද දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොදුන් මව දරුවන් සමාජයට හොඳ පුරවැසියන් බවට පත් කිරීමටත් නොගත් උත්සාහයක් නැත.
 
සිය මව තම දුක මෙසේ වචනවලට මුසු කළාය.
 
"මට ඉහළට උගන්වන්න අම්මට දුක් දෙන්න බෑ. මට රට යන්න ඕනෑ කියලා නිතරම පුතා කිව්වා. පස්සේ එයා ඉගෙන ගන්න එක නතර කළා. මම පස්සේ අපේ නෑයෝ කිහිපදෙනකුට කතා කරලා පුතාව රට යවන්න තීරණය කළා. අපේ දුක දැකලා ඒ අය පුතා ජපන් රටට යවන්න උදවු කළා. පුතා ජපානයේ රැකියාවක් නැතිව සෑහෙන කාලයක් දුක් වින්දා. පස්සේ එයා ලංකාවට ආවා. ඇවිල්ලා හිතවතකු මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මිනින්දෝරු සහායකයකු ලෙස සේවය කළා. අනේ දෙවියනේ පඩි අරගෙන ගෙදරට සල්ලිත් එව්වා. 22දා ගෙදරට පණිවුඩයක් ලැබුණා පුතා වාහනයක හැප්පිලා මිය ගිහිල්ලා කියලා..."
 
"මට මේක වාවගන්න බෑ. මගේ මහත්තයත් නැති වුණා. පොඩි පුතාට කවුරුත් නැතිව යනවා. නැත්නම් මමත් මැරෙනවා. එයා කාටවත් වරදක් නොකරපු අහිංසක දරුවෙක්..."
 
මේ මරණය පිළිබඳ සැලවූ වහාම එම ස්ථානයට එකතු වූ පාසල් සමකාලීනයන්, ප්‍රදේශවාසීන්, නෑදෑ හිතමිතුරන් සැවොම පැවැසුවේ මරණයට පත් අදීෂගේ ගුණ පිළිබඳවය. තාරුක අදීෂ පෙරේරාගේ අවසන් කටයුතු 24දා සවස 4.00ට කොට්ටුකච්චිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
 
වීහේණ - අනුරාධ
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්...

මේ අතර තාරුකගේ මුහුණු පොතේ මිතුරන්ද තාරුක ගැන සංවේදී සටහන් බොහෝමයක් එක් කර තිබුණා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top