මන්නාරමේදී, ඝාතනයට ලක්වූ තරුණියගේ අවසන් කටයුතු දින 11කට පසු
Tuesday, 25 August 2020 - 11:02 | Views - 527

මන්නාරම,සවුත්බාර් ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය කරන ස්ථානයක තිබි පසුගිය 13වැනිදා සොයාගත් තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ (24) සවස මන්නාරම පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
ඒ මියගිය තරුණියගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.
මන්නාරම, සවුත්බාර් දුම්රිය ස්ථානය ආසන්නයේ ලුණු නිෂ්පාදනය කරන ස්ථානයක ජලය රැස්කොට තිබෙන ලියද්දක තිබි වයස අවුරුදු 21ක් වන යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියගේ මළ සිරුර පසුගියදා සොයාගනු ලැබුවා.
අදාළ කාන්තා මළ සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල දකින්නට ලැබුන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අනුව අදාළ මියගිය තරුණියගේ සහෝදරිය හා තවත් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි මන්නාරම පොලීසිය පවසන්නේ.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකිරීමටයි කටයුතු කර තිබුණේ.
පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත සිරුර ආදාහනය කිරීම ඊයේ (24) දින සිදු කෙරුණා.
මන්නාරම ආරක්ෂක අංශ පවසන්නේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් අදාළ ඝාතනය සිදු වන්නට ඇති බවට සැකයක් පවතින බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article